Saturday, December 26, 2015

Micro Workers තුළින් ලේසියෙන් මුදල් උපයමු

           මාස 5කට පස්සෙ තමයි මේ post එක ලියන්නෙ. මොකද.. මං O/L ලිව්වනේ. කොහොම හරි ඒ මාස කීපයට මගේ blog එකේ visitorsල 1000 reach කරලා. ඒක සමරන්නත් එක්ක මං මේ post එක දානවා...
           හැමෝම වගේ බලන්නෙ ඉක්මනින් සල්ලි හොයන්නනේ. ඒ වගේ අයට ගැළපෙන site එක තමයි Micro Workers කියන්නේ. හැබැයි මේක ඇඩ්ස් click කරලා $0.002ක් වගේ පොඩි ගානක් හොයන එකක්වත්, Free Lancer වගේ එක ජොබ් එකකින් $500ක් විතර හොයන එකක්වත් නෙවෙයි. පොඩි පොඩි වැඩ ටිකක් කරලා දවසට අවම වශයෙන් $5ක් වත් හොයන්න පුළුවන්. PTC එපා වෙච්ච අයට කියාපු site එක තමයි මේක. හුඟක් අය මේක පාවිච්චි කරන්නේ එයාලගේ websites ජනප්‍රිය කරගන්න තමයි. ඉතින් අපිට කරන්න තියෙන්නේ එයාලගේ websites විසිට් කරන එක විතරයි. මීට අමතරව reviews ලියන්න, වෙබ් සයිට් වල register වෙන්න, forums  වලිනුත් සල්ලි හොයන්න පුළුවන්. මම නම් මේකෙන් වැඩි හරියක් කරන්නේ keyword search කරලා, වෙබ් සයිට් visit කරලා තමයි.
මේ site එකේ වාසිය තමයි මේක Money Bookers(Skrill) වලටත් support කරන එක. ඒ කියන්නේ ඔයාලට මේකෙන් උපයන සල්ලි ලංකාවට ගෙන්න ගන්න Credit-Card නොතිබුනාට ප්‍රශ්නයක් නෑ. ඔයාලගේ බැංකු ගිණුමට ලේසියෙන්ම ගෙන්වා ගන්න පුළුවන්.
  • ඉස්සෙල්ලම ඔයාල මේ link එකෙන් ගිහින් register වෙන්නකෝ.
  • සත්‍ය තොරතුරු සෑම විටකම ඉදිරිපත් කරන්න. ඊට පස්සේ submit button එක මත click කරන්න.
  • දැන් ඔයාලගේ email account එකට ඔයාගේ confirmation e-mail එක එවල ඇති. ගිහින් බලන්න. ඒ code එක මත click කරලා confirm කරයින් පස්සේ ඔයාලගේ account එක active.

          දැන් අපි බලමු කොහොමද මේකෙන් සල්ලි හොයන්නේ කියල. ඉස්සෙල්ලම ඔයාගේ account එකට log වෙන්නකෝ...
Log වුණු ගමන් ඔයාට අදාළ jobs ටික පෙන්නාවි. නැත්නම් jobs කියන ටැබ් එක මත click කරන්න. දැන් ඔය list එකේ පෙන්නන්නේ ඔයාලට අදාළ වැඩ ටික.අපි දැන් මේ වගුව පිළිබඳව යම් අවබෝධයක් ලබා ගනිමු.

  1. Job Name -  මෙය අදාළ ක්‍රියාකාරකම සඳහා සේවා යෝජකයා විසින් ඇතුලත් කරන ලද නාමයයි. මෙය ක්‍රියාකාරකම පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමටද ඉවහල් වේ.
  2. Payment - එම ක්‍රියාකාරකම සම්පූර්ණ කල විට සේවායෝජකයා විසින් අපට ගෙවනු ලබන මුදලයි.
  3. Success - මෙමගින් අදහස් කරනු ලබන්නේ එම ක්‍රියාකාරකම නිවැරදිව සම්පූර්ණ කල පුද්ගල ප්‍රතිශතයයි. මෙය ඉහල අගයක් ගන්නා ක්‍රියාකාරකම් පමණක් සිදුකිරීම නුවණට හුරුය.(එයට හේතුව පසුව විස්තර කරමි)
  4. TTR(Time-to-Rate) - ඔබ මේ ක්‍රියාකාරකම සම්පූර්ණ කොට දින කීයක් ඇතුලත ගෙවීම් කරනවාද යන්න මෙමගින් පෙන්වයි. *කෙසේවෙතත් දින 7ක් ඇතුලත සේවායෝජකයා ගෙවීම් සිදු නොකළහොත් ඔබට එම මුදල micro Workers තුලින් නිසැකවම ලබාදීම සිදු කරයි.
  5. TTF(Time-to-Finish) - අදාළ ක්‍රියාකාරකම සඳහා ඔබට ලබා දී තිබෙන කාලයයි.(මෙය මිනිත්තු වලින් දැක්වෙන බව කරුණාවෙන් සලකන්න)
  6. Done - දැනට කී දෙනෙක් මෙම ක්‍රියාකාරකම සිදුකර ඇත්ද යන්න මෙතුලින් පෙන්නුම් කරයි.
  7. Remove - ඔබට මෙම ක්‍රියාකාරකම අවශ්‍ය නම් පමණක් ඉවත් කල හැක. මෙය අනිවාර්ය නොවේ.
දැන් ඔයාලට කළ හැකියි කියල හැඟෙන Job Name එකක් මත click කරන්න.
           ඉන්පසු ඔයාලට කල යුතු වැඩ ටික What is expected from workers තුලින් පෙන්නුම් කරයි. එම ක්‍රියාව ඔයා නිවැරදිව කළා කියල ඔප්පු කරන්න ඔබ ඉදිරිපත් කල යුතු දේ මොනවද කියන එක Required proof that task was finished තුල සඳහන් වෙනවා.
           දැන් ඔයාලට කරන්න තියෙන්නේ I accept this job යන්න click කරලා අදාළ කාර්යය භාර ගන්න එකයි. එවිට ඊට පහලින් form එකක් දක්නට ලැබේවි.
            ඔයා කාර්යය නිවැරදිව සිදු කළා කියල ඔප්පු කරන්න අවශ්‍ය සාධක මෙහි සටහන් කරන්න. මෙහිදී ඔයාලට screen shot එකක් ඉල්ලලා තියෙනවනම් පහලින් attach කරන්න පුළුවන්.
අවසානයේ I confirm that I have completed this task නැමැති button එක click කරන්න.
ඔයාලට ප්‍රශ්න තියෙනවනම් comment එකක් දාල අහන්න.

***ඔයාගේ success rate එක හැම විටම 75% ට ඉහලින් තබා ගැනීම වැදගත්. නැත්නම් ඔයාගේ account එක එයාල Deactivate කරලා දානවා. ඒක නිසා හැමවිටම පුළුවන් දේ විතරක් කරන්න යන්න. බැරි දේ නොකර ඉන්න.

8 comments:

  1. I am Kavinda , i try to loging to traffic monson yesterday on wards cannot loging , why

    ReplyDelete
  2. thwama beri una ekam kramayak wathe allaganna

    ReplyDelete
  3. Replies
    1. Machan ub ube phone number eken active kiyala tipe karala ehen dila tiyena number ekata yawanna one.... etakota tamayi verifie wenne

      Delete
  4. ayia srilanka walata meke jobdenne 4k 5k witra

    ReplyDelete
  5. usa wala innwa wage hadawoth kes yayida

    ReplyDelete
  6. Apita payment karanna api mokuth accounts dtls dhenna one nedhdha?

    ReplyDelete